Monday, 26 May 2014

කවුරුත් දන්නා කළු පෙට්ටිය ගැන

මොකක්ද මේ කලු පෙට්ටිය?                                                                                                                   
ගුවන් යානා අනතුරු කොයි මොහොතේ ,කොතැනදී සිදු වෙයිද කියා කියන්න බෑ .එය කවර හේතුවක් නිසා දැයි කාටවත් අනාවැකි පල කල නොහැකිය.එය ගුවන් යානයේ හෝ ගුවන් නියමුවාගේ දෝෂයක්,අයහපත් කාලගුණික තත්වයක්  විය හැකිය.යම් හෙයකින් ඒවැනි අනතුරකට ලක් වීමෙන් මගීන් මෙන්ම එහි කාර්‍ය මණ්ඩලයද විනාශ වී යයි.යානයට සිදු වූ දෙය දන්නේ ඔවුන් පමනි .නමුත් සියල්ලම විනාශයට ලක් වූනත් ඉතිරිවී යන යම් දෙයක් ඇත.එය කලු පෙට්ටිය වේ.එහි ගුවන් යානය විනාශ වීමට පෙර ගුවන් නියමුවන් කතා කල දේ පටිගත වී ඇත .මෙමගින් අනතුරකට පිලිබද යම් නිගමනයකට එලබිය හැකිය.



‘බ්ලැක් බොක්ස්’’ උපකරණය නිර්මාතෘ වන්නේ ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් වොරන්ස් ය .1953 දී සිදු ජෙට් එයර් ලයින් අනතුර පිලිබඳ පරීක්ෂණ කටයුතුවලදී ඔහුගේ සිතට මතූ වූ අදහසකි .බ්ලැක් බොක්ස් උපකරණය මගින් දත්ත වර්ග 2ක් මතකයේ තබා ගැනේ.
1.Flight data recorder(FDR)
මෙමගින් පටි  ගත වනුයේ යානයේ විවිධ ස්ථාන වලින් ලැබෙන දත්ත වේ .
2,Cokpit Voice  Recorder(CVR)
මෙමගින් ගුවන්යමුවන් එක් එක් පාලක මධ්‍යස්ථානය සමඟ කල කතා බහේ පටි ගතියක් වේ .


තවද මෙම බ්ලැක් බොක්ස් උපකරණය මුහුදට වැටුනු පසු එය සෙවීමටද  වෙනම උපකරනයක් ඇත.එය  Underwater locoter නම් වේ.මෙහි ඇති අoග අතරින් වැදගත්ම වන්නේ හඩ පටි ගත කිරීමේ යන්ත්‍ර ය වේ.මෙහි ආරක්ශාවට සිලින්ඩරාකාර ලෝහ ආවරන කිහිපයක්ම ඇත.එය Crash Survivalble Memory Unit(CSMU) ලෙස හදුන්වයි.සාමාන්‍යයෙන් බ්ලැක් බොක්ස් උපකරනයේ දිග සෙන්ටිමීටර 49.7 වේ.මෙමෙ බ්ලැක් බොක්ස් උපකරනය කිසිදු අයුරකින් විනාශ කල නොහැකිය.එය අඩි 20000ගැඹුරු මුහුදේදී පාවා ආරක්ෂිතය .සෙල්සියස් අoෂක  1100 ක උෂ්ණත්වයක් පැය 1ක කාලයක් ද , සෙල්සියස්  අoෂක 260දී පැය 10ක් ද ආරක්ෂිතව පවතී.බ්ලැක් බොක්ස් උපකරනය ගැඹුරු මුහුදේ ඇතිවිට එයසොයා ගැනීමට වෙනම යන්ත්‍ඇත.බොහොමයක්  මෙම උපකරණයේ හඩ පටි ගත කිරීමට චුම්බක පටි යොදා ගැනේ.එහෙත් 1990 පසුව දත්ත ගබඩා කල හැකි කුඩා ඩිජිටල් බොක්ස් හදුන්වාදෙන ලදී.චුම්බක පටි වලට වඩා  මෙමරි බොර්ඩ් ක්‍රමය සාර්ථකය .මෙමරි බොර්ඩ් එක මගින් පැය 2 ක කත කාලයක මතකයක් තබා ගත හැකිය.(අවසන් පැය 2 කාලය).නමුත් චුම්බක ක්‍රමයේදී එම කාලය පැය ½කි .මෙම උපකරනය සෑම ගුවන් යානයකම  යානයේ කෙලවර පිහිටවනු ලැබේ.




යම් හෙයකින් යානය විනාශ වනවිට රොකෝඩරය ක්‍රියා විරහිත නොවුනේ නම් නියමු කුටියේ අවසන් දත්ත එහි නොරැදේ.මන්ද මෙහිගබඩා වනුයේ අවසන් පැය 2 තුල ලැබුනු දත්තයන් වේ.මෙයා තැබිලි පාටින් තන ඇත්තේ හොදින් හදුනා ගැනීමට වේ.

එහෙනම් මම ගියා .හැමෝටම ජය වේවා.

0 ප්‍රතිචාර:

Post a Comment